ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (31) පස්වරුවේ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

 

විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ නිලධාරින් 12 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

 

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම අද සවස 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 143 දරන ගුවන් යානයෙන් මුම්බායි බලා පිටත් විය.

 

එමෙන්ම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම ඔවුන් අද සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

Related posts

එංගලන්තය සහ කොදෙව්වන් අතර තරගාවලියත් කල් යයි

Mohamed Dilsad

2021 IPL අදින් ඇරඹෙයි

Mohamed Dilsad

හෝමාගම ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment