දේශීය

දුම්කොළ නිෂ්පාදන ගැන ප්‍රශ්නගත කරුණක්

රටේ දුම්වැටි හා මධ්‍යසාරවල මිල තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශයේ කිහිපදෙනෙකු නම් එහි ගැටලුවක් පවතින බව ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පවසයි.

 

ඊයේ (30) පැවති උත්සවක් අමතමින් ඒ මහතා කියා සිටියේ දුම්වැටි හා මධ්‍යසාරවල මිල තීරණය කිරීමේදී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය එහි ප්‍රමුඛත්වය ගත යුතු බවය.

 

දුම්කොළවලින් තොර කලාපයක් ඇති කිරීම සඳහා දායකවු මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් ඇගයීමේ උළෙල ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත් වුණි.

 

එහි ප්‍රධාන ආරාධිතයා වුයේ ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතාය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංජුල කරුණාරත්න මහතා,

 

“මේ රටේ ආනාගතය බිලිගන්න ප්‍රධානතම සාධකය දුම්කොළ සහ මධ්‍යසාර. රටේ සිගරට් එකේ මිල තීරණය කරන්න ඕනේ මුදල් අමාත්‍යාංශයේ දෙන්නෙක් තුන්දෙනෙක් එකතුවෙලා නෙමෙයි. රටේ මධ්‍යසාරවල මිල නියම කරන්න ඕනේ එතන ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් එකතුවෙලා නෙමෙයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ආධිකාරිය එතන ඉන්න ඕනේ. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ආධිකාරිය තමයි දන්නේ කොච්චරක් අපේ රටේ තියනවාද?, පරිභෝජනයට කොච්චරක් ඉදිරිපත්වෙලා තියෙනවා ද?, අවශ්‍යතාවය කියලා කියන ප්‍රමාණය කොච්චරක්ද?, රටේ තියන ප්‍රමාණය කොච්චරක්ද?, ප්‍රතිපත්තිය මොකක්ද?, මේක යම් ආකාරයකට සීමා කරන්නනේ කොහොමද? කියලා.”

 

“ඉතාමත් පැහැදිලි… අවුරුදු 21කට අඩු කෙනෙකුට මේක විකුණන්න බැහැ. පැහැදිලිව තිබෙනවා. මගේ ප්‍රශ්නය ඕක නෙමේ. කඩේ කවුන්ටරයේ ඉන්නවා 18ට වැඩි 21ට අඩු ළමයෙක්. මේ ළමයා දුම්කොළ නිෂ්පාදන විකුණනවා. දැන් මොකද කරන්නේ.. පනත නිහඬයි. ඒ නිසා මේක සම්බන්ධයෙන් දැනට නඩු ගන්න එපා. මොකද හේතුව මේක පැහැදිලි නෑ. මහෙස්ත්‍රාත්වරයෙක් විදියට පැහැදිලි නැති කරුණක් සම්බධයෙන් ඔයාලට කියන්න බෑ.. නඩු ගන්න කියලා. පනතේ 30 වැනි වගන්නතිය යටතේ ප්‍රකාර සාදන ලද නියෝග මගින් ප්‍රකාශිත දුම්කොළ නිෂ්පාදන කිසිවක් සෑදීම, ආනයනය කිරීම, විකිණීම, විකිණීමට ඉදිරිපත් කරලීම තහනම්.”

 

“එකේ පළමු එකේ මොකක්ද කියන්නේ.. දුම්කොළ අඩංගු දුම් රහිත දුම්කොළ නිෂ්පාදනයක් හෝ මිශ්‍රණයක්. හොඳම උාදාහරණය දුම්කොළත් සමග දෙන බුලත් විට. බලන්න නීතිය පැහැදිලිව තියෙනවා, දුම්කොළ කැබැල්ල අන්තර්ගත කරාට පස්සේ ඔන්න වරද නිර්මාණය කළා. ඔයාලට මම මේ උසාවිවල වෙන්ව පුළුවන් දෙයක් ගැනයි කියන්නේ. ඇවිල්ලා කියනවා.. වරද වුණා.. අපි කැමති මේක ඉල්ලා අස් කරන්න. අපි කැමති නැහැ මේක ඉදිරියට අරගෙන යන්න.”

 

“රටේ නීතිය අනුව වරදක් වුණාට පස්සේ තියෙන්න ඕනේ මොකක්.. දඬුවම. වරදක් කරාට පස්සේ කොහොමද වරද කරපු කාරණය ඉල්ලා අස්කර ගන්නේ. එකට හේතුව අපරාධයක් කියන්නේ රජයට එරෙහිව කරපු වැරැද්දක්. එහෙම නම් රජය තමයි අපරාධ වැරැද්ද මෙහෙය වන්නේ. රජය වෙනුවෙන් තමා ඔබතුමන්නා පෙනී සිටින්නේ. ඒ නිසා කවුරුහරි කියනවා නම් අපරාධය වුණාට පස්සේ දැන් එ්ක ඉවරයි කියලා, එහෙනම් කියන්න තියෙන්නනේ දඬුවම භාරගෙන ඒ අනුව කටයුතු කරන්න.”

 

Related posts

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු සුව අතට

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම ගැන ආන්දෝලනාත්මක ඡායාරූපයක්

Editor O

පාර්ලිමේන්තුවට පැමිණීමේදී මහජනතාවට පනවා තිබූ සීමාවන් ලිහිල් කෙරේ

Mohamed Dilsad

Leave a Comment