ක්‍රීඩා

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ ඉන්දීය සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා වෙත පවරා තිබේ.

 

රෝහිත් ශර්මා, විරාත් කෝලි සහ ලෝකේෂ් රාහුල් යන ක්‍රීඩකයින් විස්සයි 20 තරඟාවලියේදී ඉන්දීය සංචිතයට ඇතුළත් කර නොමැති බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

 

විස්සයි 20 තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ උප නායකත්වය සූර්ය කුමාර් යාදෙව් හට හිමිවී ඇත.

 

රෝහිත් ශර්මා ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමට නියමිතය.

 

ඉෂන් කිෂන් විස්සයි 20 සහ එක්දින සංචිත සඳහා කැඳවා ඇති අතර රිෂාබ් පාන්ට් එම සංචිත දෙකටම ඇතුළත් කර නොමැත.

 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟාවලිය ආරම්භ කරමින් පළමු විස්සයි විස්ස තරගය ලබන ජනවාරි මස 03 වනදා මුම්බායි හිදී පැවැත්වීමට නියමිතය.

 

Squad for Sri Lanka T20Is: Hardik Pandya (capt), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Suryakumar Yadav (vc), Deepak Hooda, Rahul Tripathi, Sanju Samson, Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Umran Malik, Shivam Mavi, Mukesh Kumar.

 

Squad for Sri Lanka ODIs: Rohit Sharma (capt), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (vc), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Mohamed Shami, Mohammed Siraj, Umran Malik, Arshdeep Singh.

Related posts

ඕස්ට්‍රේලියා – පාකිස්තාන තරඟයට වර්ෂාවෙන් බාධා

Mohamed Dilsad

ඇෆ්ගන් ක්‍රිකට්වලටත් තලෙබාන් මැදිහත් වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට එරෙහිව කොදෙව්වන් ප්‍රබල 20-20 හා එක්දින සංචිතයක් නම් කරයි

Mohamed Dilsad

Leave a Comment