දේශීය

ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 36 සඳහා වූ විශේෂ කාලගුණ නිවේදනයක් එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

ඒ අනුව, ජනවාරි 31 සහ පෙබරවාරි 01 දෙදින දිවයිනේ තැනින් තැන මි.මී.150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

මේ අතර තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ති‌බේ.

 

එම නිවේදනය අද ප.ව 4.30 සිට හෙට ප.ව 4.30 දක්වා වලංගු වන බව එම දෙපර්තමේන්තුව සඳහන් කරයි.

 

ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් හෙට (30) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරයි.

 

ඉන්පසු, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් පෙබරවාරි 01 වන දින ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ළඟා වනු ඇතැයි බලාපොරොත්තු වේ.

 

ඉහත සඳහන් මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකිය.

 

එබැවින්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

Related posts

“හෙට දින පාසල් ආරම්භ කිරීම සඳහා රජයට විධිමත් සැලැස්මක් නැහැ”

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

සංචාරක නියෝජිතයින් ගෙන එන සංචාර සඳහා සේවා වැට් බද්දෙන් නිදහස් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment