දේශීය

ඉහළ කොත්මලේ ජලාශයේ තරුණයෙකුගේ මළ සිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ ඉහළ කොත්මලේ ජලාශයේ නානුඔය වත්තට ආසන්න ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

 

මියගොස් ඇත්තේ 28 හැවිරිදි පතන මවුන්ට්වර්නන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවට පොලීසිය විසින් හඳුනාගෙන ඇත.

 

මෘත ශරීරය අසල තිබී මුදල් පසුම්බියක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

 

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

විශ්වවිද්‍යාල 7ක උප කුලපති ධූර පුරප්පාඩු

Mohamed Dilsad

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ පත්කරයි

Mohamed Dilsad

ඊයේ හඳුනාගත් ආසාදිතයන් තිදෙනෙකුට කොරෝනා නැති බව තහවුරු වෙයි

Mohamed Dilsad

Leave a Comment