දේශීය

දුරකථන ජාවාරමක්

නීතිවිරෝධී ලෙස මෙරටට දුරකථන ගෙන්වනු ලබන ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුව පවසයි.

 

ජංගම දුරකථන ආනයනකරුවන්ගේ එකමුතුවේ සාමාජික ප්‍රියන්ත ජයසිංහ මහතා සඳහන් කළේ, රජයට බදු අහිමි කරමින් පාර්සල් ගෙන්වන්නන් හරහා සංවිධානාත්මක ලෙස ජංගම දුරකථන මෙරටට ගෙන්වන බවය.

 

“දුරකථන ආනයනය කරද්දි අපි හඳුනාගෙන තියෙනවා රජයට හිමිවිය යුතු බදු මුදල් නොගෙවමින් බැග්වල දාගෙන ෆෝන් ගෙන එනවා. ලොකු බදු මුදලක් අහිමිවෙනවා වගේම අපි ගණන් හදලා තියෙන විදියට බැලුවොත් 2021 – 2022 වසරවල විතරක් ඩොලර් මිලියන 100ක් විතර උණ්ඩියල් ක්‍රමයට පිටට ගිහින් තියෙනවා. කිසිම ගනුදෙනුවක් පිළිගත් බැංකු ක්‍රමයක් යටතේ සිදුවන්නේ නෑ. අපි ආසන්න වශයෙන් ගණනය කරලා තියෙන විදියට රුපියල් බිලියන තුනහාමාරක පමණ මුදලක් රජයට බදු වශයෙන් අහිමිවෙලා තියෙනවා. ලංකාවෙම සංවිධානය වුණ 20ක පිරිසක් මේ විදියට ලංකාවට දුරකථන ගේනවා. මේ කිසිම මොබයිල් ඩිවයිස් එකක් TRC එකේ අනුමත වෙලා නෑ. මේ ගැන කිසිම තොරතුරක් ආණ්ඩුව සතුව නෑ. ඒ නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන විදියට මේ ලැගේජ් සිස්ටම් එකට මේ දුරකථන ගේන එක වෙනවා.”

Related posts

තවත් කොරෝනා ආසාදිතයෙක් සම්පූර්ණ සුව අතට

Mohamed Dilsad

මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කරන ලෙසට ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment