දේශීය

වකුගඩු රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක

ප්‍රමාණවත් තරම් ඖෂධ රජයේ රෝහල්වල නොමැතිවීමෙන් වකුගඩු රෝගීන් දැඩි අවදානමකට මුහුණ පා ඇතැයි රජරට වකුගඩු සුරැකීමේ පදනම පවසයි.

 

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව නොමැති බවය.

 

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ඉකුත් කාලය තුළ රට තුළ ඖෂධ හිඟයක් මතුවුණි.

 

එම ඖෂධ හිඟය පිළිබඳව දිගින් දිගටම රජය දැනුවත් කළද ඊට විධිමත් පිළිතුරක් නොලද පසුබිමක රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉකුත් 26වැනිදා ඒ පිළිබඳව දැනුවත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයටද ලිපියක් භාරදුනි.

 

රජරට වකුගඩු සුරැකීමේ පදනම අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූයේ එවැනි පසුබිමකය.

 

එහිදී අදහස් දැක්වූ රජරට වකුගඩු සුරැකීමේ පදනමේ සභාපති ජේ.බී. වර්ණසූරිය මහතා,

 

“දවස් දෙකේ තුනේ යන්න වෙනවා ‌බෙහෙත් ගන්න. ඒ යනකොට කියනවා ඊළඟ දවසේ එන්න කියනවා. එදත් යනකොට තුන්වෙනි දවස වෙනකොට අපේ කට්ටියට යන්න මුදල් නැහැ. ඒ ගියත් ෆාමසිවලින් ගන්න කියලා බෙහෙත් නියම කරනවා. ඇත්තටම කනගාටුවට කරුණක් ඒ තියෙන අධික මිල ගණන්දීලා බෙහෙත් ගන්න කිසිකෙනෙකුට බැහැ. ගොඩක් ජීවත් විය හැකි රෝගීන් මරණයට පත්වෙනවා. කබලෙන් ළිපට වැටුනා වගේ මේ බෙහෙතුත් නැති වෙනවා. මෙහෙම ගියගොත් මාසයක් ඇතුළත මේ මිනිස්සු ගෙවල් ඇතුළෙම මැරිලා වැටෙයි.”

Related posts

අද දිනය තුළ ආසාදිතයින් 762 දක්වා ඉහළට

Mohamed Dilsad

තවදුරත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සෙබළුන්ගේ ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment