දේශීය

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ඩිස්කෝ STF අත්අඩංගුවට

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන ධර්මකීර්ති උදේනි ඉනුකා පෙරේරා නොහොත් “ඩිස්කෝ” නැමති කාන්තාව හෙරොයින් සහ තියුණු ආයුධ සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

42 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ නිවස පරීක්ෂා කිරීමේ දී තියුණු ආයුධ 4ක් සහ ඇය සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 14ක් සොයාගෙන ඇත.

 

සැකකාරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදෙස්ගතව ප්‍රංශයේ ජීවත්වන “රූබන්” නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ ඍජු සබඳතා පවත්වමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සඳහා ආධාර අනුබල ලබාදෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

 

විශේෂ කාර්ය බළකාය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින මෝදර, පන්සල පාර, කොළඹ 15 යන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක්

Mohamed Dilsad

බූස්ස බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක්

Mohamed Dilsad

Leave a Comment