දේශීය

IMF මඟ පෙන්වීම හැර විකල්පයක් නෑ… -මුදල් රාජ්‍ය අමාත්‍

රටතුළ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිදුකරන මඟ පෙන්වීම් අනුව ක්‍රියා කරනවා හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, රටේ වත්මන් ආර්ථික වාතාවරණය සම්බන්ධයෙන් අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ වසර තුළ 3.5ක ඍණ ආර්ථිකයක් බලාපොරොත්තු වන බවත් 2024 වසරේ දී ධන ආර්ථිකයක් කරා ගමන් කළ හැකි බවත්ය.

 

“මේ වගේ බැරෑරුම් තත්ත්වයක් ආදායම් අඩුකර ගැනීමත් එක්ක මුහුණදෙන්න සිද්ධවුණා. අපි ආපහු උත්සාහ කරන්නේ, අලුත් බදු ගැන කතා කරන බොහෝ දේවල් තිබුණ දේවල්මයි. උපයනවිට බද්ද 2018 දීත් තිබුණ බද්දක්. අපි දැන් නැවත හඳුන්වා දීලා තියෙනවා. යම් ප්‍රමාණයක් වැඩියි තමා අපිත් පිළිගන්නවා. හැබැයි තිබුණ බද්දක්. වැට් එකත් එකත් එහෙමයි. 15% තිබිලා 8%ට අඩු කළා. දෙවතාවකට අපි නැවත 15% දක්වා වැඩි කරලා තියෙනවා. රටේ බදු ආදයම බිලියන 1,800යි. පාඩු ලබන ආයතනවල අලාභය බිලියන 950යි. භාගයක් අපිට යොදන්න වෙලා තියෙන්නේ පාඩු ලබන ආයතන නඩත්තු කරන්න. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 619ක් අලාභයි. ශ්‍රීලන්කන් ගුවන් සේවය බිලියන 129යි. ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 151යි. ප්‍රතිව්‍යුහගතකරණය කියන කාරණය අවශ්‍යයද නැද්ද කියන එක ඉතාම පැහැදිලියි. ණය ගත නොහැකි නම්, මුදල් මුද්‍රණය ප්‍රතිපත්තියක් විදියට යොදන්නේ නැත්නම් කුමක් ද විකල්පය. සමහර අය මගෙන් අහනවා 225ටත් මේක ගහනවා ද කියලා. ඔව් 225ටත් ගහනවා. ඒ අයගේ සියලු දීමනාවලට මේක එකතුවෙනවා. එතැනින් එහාට විසඳුමක් හොයන්නේ කොහොමද කියන ප්‍රශ්නයේ දී අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි අපිට තිබුණ එකම මාර්ගය. ඒ රටවල් අපිට ඒ සහනය දෙන්න නම්, හැම රජයක්ම බලාපොරොත්තු වෙනවා එවැනි කැපකිරීමක් විදේශ රටක ඉන්න අපි වෙනුවෙන් දරනවා නම් ඔවුන්ගේ ජනතාවගේ බදු මුදලින් අපිත් යම් ආකාරයක වගකීමක් කැපවීමක්, දරාගැනීමක් මේකෙන් කරාවි කියලා. අපි මේකට කිසි සුදානමක් නැතුව අපේ බර දරන්න ඔවුන් සුදානම් නෑ. අපි මුහුණදීලා තියෙන ප්‍රශ්නය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නැතිව විසඳා ගන්න ක්‍රමයක් තිබේ ද? ඒ වගේම IMF එකත් එක්ක ඇති කරගන්න උත්සාහ කරන එකඟත්වය ඇති කර නොගත්තොත් අපි මුහුණදෙන තත්ත්වය කුමක් ද? 2022 ජූනි, ජූලි, අගෝස්තුවල ජනතාව වින්ඳ අපහසුතාවය. මීට එහා ගිය තත්ත්වයකට තමා අපිට මුහුණදෙන්න වෙන්නේ.”

Related posts

අල්ලස් ගන්න ගිය පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා සභාපතිට වැඩ වරදියි

Mohamed Dilsad

පොලීසිය පවතින අවධානම යළි සිහිපත් කරයි

Mohamed Dilsad

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment