දේශීය

IMF උපදෙස් මත පාකිස්තානය බදු ඉහළ දමයි

ඉතිහාසයේ දරුණුම ආර්ථික අවපාතයට මුහුණපා සිටින පාකිස්තානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත බදු ඉහළ දැමීමට තීරණය කර තිබේ.

 

නව බදු ලෙස එරට මුදලින් රුපියල් බිලියන 200ක් උපයාගත හැකි ආකාරයට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කර ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

 

නව කෙටුම්පත යටතේ බදු සහ ගංවතුර බදු ලෙස කොටස් දෙකක් වෙන් කර ඇති අතර බදු ක්‍රම යටතේ පාකිස්තානු රුපියල් බිලියන 100 බැගින් එක්රැස් කරගැනීමට නියමිතය.

 

එහිදී අපනයන භාණ්ඩ මත බදු පැනවීම සහ බලශක්ති සහ ගෑස් මිල ඉහළ දැමිම ට යෝජනා වී ඇත.

 

එමෙන්ම විදුලි සහනාධාර අත්හිටුවීමටත් අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

 

ආර්ථික අර්බුදයක පසුවන පාකිස්තානයේ විදෙස් සංචිත අමෙරිකානු බිලියන 3.68ක් දක්වා පහත බැස ඇති අතර එය ප්‍රමාණවත් වන්නේ සති තුනක ආනයන වියදම සඳහා පමණි.

 

එමෙන්ම පාකිස්තානයේ පෙට්‍රල් සහ ඩීසල් මිල පාකිස්තානු රුපියල් 35කින් වහාම ඉහළ නැංවීමටත් රජය පියවර ගෙන තිබේ.

Related posts

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අද ජනපතිට – ජී එල්

Mohamed Dilsad

මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබා ගනී

Mohamed Dilsad

Leave a Comment