දේශීය

කළුතර සුද්දා අත්අඩංගුව ට

අපරාධ නවයකට සම්බන්ධ “කළුතර සුද්දා” නැමැති පුද්ගලයා සහ ඔහුට සහාය වූ එකම පවුලේ මව සහ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ මෙම සැකකාර මව සහ දියණිය සැකකරු සොරාගන්නා රන් භාණ්ඩ උකස් කර ජාවාරමට සහාය වී ඇති බවය.

 

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට මත පානදුර ජනප්‍රිය මාවතේ සිදුකළ සෝදිසි කිරීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුව සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබූ රිසිට්පත් සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අදාළ සැකකාරීයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.

 

සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ බන්ධනාගාරයේ සිටි අවස්ථාවකදී හඳුනාගත් පුද්ගලයෙකුගේ මව සහ සහෝදරිය මෙම රන් භාණ්ඩ උකස් කිරීම සඳහා යොදාගත් බවය.

 

ඒ අනුව සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව පානදුර සහ මොරටුව ප්‍රදේශවලට අලෙවි කර තිබූ රන් භාණ්ඩ සෙයාගත් බව පොලීසිය පවසයි.

 

එහිදි ලක්ෂ 30ක් පමණ වටිනා රන් මාල, වළලු, පෙන්ඩන් ආදිය පොලීස් භාරයට ගෙන ඇත.

 

සැකකරුගේ වයස අවුරුදු 30ක් වන අතර අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 63 සහ 42 යන වයස්වල පසුවන බව පොලීසිය පවසයි.

 

එමෙන්ම අලුබෝමුල්ල හා පින්වත්ත ප්‍රදේශවල පසුගිය මාස කීපය තුළ සිදු වූ නිවෙස් කොල්ලකෑම් සහ රන්මාල සොරකම් කිරීම් දෙකකට සැකකරු සෘජුව සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

Related posts

කොරියාවේ වෙසෙන ලාංකිකයින් වෙනුවෙන් තානාපති කාර්යාලය සීරුවෙන්

Mohamed Dilsad

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිලෙත් වෙනසක්

Mohamed Dilsad

රාජ්‍ය මුදල් අවභාවිත කල දුම්රිය නිළධාරීන් පිළිබඳ පරීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment