දේශීය

අභිරහස් ලෙස මිය ගිය තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

මහල් තුනකින් යුත් හෝටලයක ඉහළ කොටසේ සිට පහතට වැටී මියගොස් සිටි 26 හැවිරිදි තරුණයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

 

කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක අද (31) අලුයම් කාලයේදී එම සිද්ධිය සිදුවී ඇති අතර එලෙස මියගොස් ඇත්තේ අදාළ හෝටලයේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ තරුණයෙකි.

 

කැස්බෑව පොලීසිය සඳහන් කළේ මරණකරු දෙනිපිටිය වරකාපිටිය පිරිස් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රිද්ම තරංග නමැත්තෙකු බවය.

 

මීට වසර දෙකහමාරකට පමණ ඉහතදී එම තරුණයා මෙම හෝටලයේ රැකියාව සඳහා පැමිණ ඇතැයි ද පොලීසිය පැවසීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෝටලයේ සේවකයෙකු පවසා ඇත්තේ රාත්‍රී 11ට පමණ හෝටලය වැසූ බවත් අලුයම 2ට පමණ මුදල් අයකැමිවරයා හෝටලය ඉදිරිපිට වැටී දඟලමින් සිටි බවත්ය.

 

ඒ බව හෝටලයේ හිමිකරුට දැනුම්දීමෙන් අනතුරුව ඔහු පැමිණ විනාඩි කිහිපයක් තුළදී තරුණයාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

 

ඉන් අනතුරුව තරුණයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

 

තරුණයා වැටී සිටි ස්ථානය ආසන්නයේ පෙරළී තිබූ යතුරුපැදියක් සම්බන්ධයෙන් ද විමර්ශ නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

 

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය තරුණයා පෙරේදා දින සිට රාත්‍රී කාලයේදී කිසියම් අයෙකු සමග දිගින් දිගටම දුරකථනයෙන් කතාබහ කරමින් සිට ඇති බවය.

 

ඒ අනුව මෙය ඝාතනයක් ද? අනතුරක් ද ? යන්න සම්බන්ධයෙන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.

 

Related posts

ධීවර ජනතාවට සහන සළසන ලෙසට අග්‍රාමාත්‍ය උපදෙස්

Mohamed Dilsad

කොළඹ මහ නගර සභාවේ බලය ගන්න එජාප ය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡා…?

Editor O

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බන්ධනාගාරගත නොකිරීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment