දේශීය

දේශීය බැඳුම්කර පිළිබඳ රජයේ ස්ථාවරය ගැන ජාත්‍යන්තරය අවධානයෙන්

මෙරට දේශීය ණය බැඳුම්කර සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මෙරට ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් අපේක්ෂාවෙන් සිටින බව බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.

 

අමෙරිකානු ඩොලර් බිලියන 70ක් පමණ වන මෙරට සමස්ත ණයවලින් අඩක් පමණ දේශීය බැඳුම්කර බව එහි සඳහන්ය.

 

ලක් රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ නිල සාකච්ඡාවලට එළැඹීමට පෙර දේශීය බැඳුම්කර පිළිබඳ ස්ථාවරය මෙම විදේශ ආයෝජකයින් අපේක්ෂා කරන බවත්, දේශීය බැඳුම්කර කළමනාකරණයේදී තමන්ට ලැබිය යුතු ණය ගෙවීම් අවදානමට ලක්වන්නේ යැයි ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ගේ අදහස වන බවත් එහි සඳහන් කර තිබේ.

 

මේ අතර ගෝලීය ආර්ථිකය මේ වසරේදී තවදුරටත් මන්දගාමී වනු ඇති බවත්, ලබන වසරේදී එය නැවත ප්‍රකෘතිමත් වනු ඇති බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

2022 වසරේදී සියයට 3.4ක වර්ධනයක් ලබා ඇතැයි අපේක්ෂා කරන ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 2.9ක පමණ වර්ධනයක් ඇති කරගනු ඇති බව සඳහන් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ, එය ලබන 2024 වසරේදී සියයට 3.1ක් ලෙස යම් ප්‍රකෘතිමත්වීමක් පෙන්නුම් කරනු ඇති බවය.

 

කෙසේ නමුත් 2022 වසරේ සියයට 8.8ක සාමාන්‍යයක් පැවති ගෝලීය උද්ධමනය 2023 වසරේදී සියයට 6.6 දක්වා පහත වැටෙනු ඇති බවත් 2024 වසරේදී එය සියයට 4.3 දක්වා අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2023 වසර සඳහා වූ සිය පුරෝකතනය ඉදිරිපත් කරමින් පවසා තිබේ.

 

Related posts

ගෑස් සිලින්ඩරවල සංයුතිය ගැන රසායනාගාර වාර්තාව අද පස්වරුවේ

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදී හරයන් රැකීමට කැප වනවා – අගමැති

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කොවිඩ්-මරණ 63 කින් ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment