විදෙස්

ප්‍රසිද්ධියේ නැටුව තරුණ යුවළ ට දුන් දඬුවම

ප්‍රසිද්ධියේ නර්තනයේ නිරත වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කිරීමේ වරද යටතේ ඉරාන තරුණ යුවලකට වසර 10ක සිරදඬුවම් නියම වී තිබේ.

 

අවුරුදු 21 සහ 22 වයස්වල පසුවන මේ අවිවාහක යුවළ මෙසේ නර්තනයේ නිරතව සිටියේ ඉරානයේ ටෙහෙරාන් හි නිදහස් කුලුන අබියස දීය.

 

පසුගිය නොවැම්බර් මාසයේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, දූෂණය සහ ගණිකා වෘත්තිය ප්‍රවර්ධනය කිරීම ඔවුන්ට එරෙහිව එල්ල වූ චෝදනාවය.

 

එමගින් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවත්, රජයට එරෙහි කුමන්ත්‍රණයක් සිදුව ඇති බවත් අධිකරණය තීන්දු කර තිබුණි.

 

යම් හෙයකින් ඔවුන් මෙම දඬුවමට ලක් කළහොත් එවන් චෝදනා යටතේ වරදකරු වී උපරිම සිරදඬුවමකට ලක්වන පළමු පුද්ගලයින් බවට ඔවුන් පත්වේ.

 

දඬුවමට අමතරව යුවළට වසර දෙකක සමාජ මාධ්‍ය තහනමක් පනවා රටින් පිටව යාමද තහනම් කර තිබේ.

 

කාන්තාවන් ප්‍රසිද්ධියේ නර්තනයේ නිරතවීම ඉරාන නීතිය යටතේ තහනම්.

 

එමෙන්ම නර්තනයේ නිරතවන අවස්ථාවේදී ඇය හිස ආවරණය කර සිට තිබුණේ ද නැත.

 

 

Related posts

පාකිස්තානයට අද නව අගමැතිවරයෙක්

Mohamed Dilsad

නයිල් නදියට අපහාස කලාට මාස 6ක සිර දඬුවමක්‌

Mohamed Dilsad

ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

Mohamed Dilsad

Leave a Comment