දේශීය

අඛණ්ඩ විදුලි උත්පාදනයට තවත් බාධාවක්

විදුලි නිෂ්පාදනය සඳහා අද (01) සිට අමතර ජලය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසයි.

 

ඒ අනුව සාමාන්‍ය පරිදි විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ජල ප්‍රමාණය පමණක් ලබා දෙන බව මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 

විදුලි උත්පාදනය සඳහා බලාගාර ආශ්‍රිත ජලාශවලින් තවදුරටත් අමතර ජලය මුදාහැරීම සම්බන්ධයෙන් පසුගියදා මහජන උපයෝගීතා කොමිසම එලෙස ඉල්ලීමක් කර තිබුණි.

 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ,

 

“අප වෙත මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා.. විදුලි නිෂ්පාදනය සඳහා ජලය වැඩිපුර ලබාදෙන්න කියලා. ඊයේ සහ අද සැලකියයුතු වර්ෂාවක් අපි මහවැලි ගංඟා ද්‍රෝනිවලට බලාපොරොත්තු වුණා. නමුත් එම වර්ෂාපතනය මේ වෙනකොට උතුරු පළාත පැත්තට බරව තමයි ගමන් කරන්නේ. ඒ නිසා විදුලි නිෂ්පාදනය කරන්න අපි ඊයේ සහ අද ලබාදීලා තිබුණ ජල ප්‍රමාණය තරමක් දුරට අඩු කරලා.. සාමාන්‍ය පරිදි ජලය ලබාදීමට කටයුතු කළා.”

 

 

 

Related posts

මාර්තු 01 ගැන වෘත්තීය සමිති රැසක් දැඩි තීරණයක් ගනී

Mohamed Dilsad

එක්නැලිගොඩ නඩුවට අදාළ පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ වේ

Mohamed Dilsad

රත්තරන් කිලෝ 10 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment