දේශීය

උතුරේ ඉඩම් රැසක් හෙට ජනතා අයිතියට

සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම හෙට (03) සිදු කෙරේ.

 

පෙබරවාරි 04 වනදාට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට පෙර උතුරේ ඉඩම් නිදහස් කර මුල් පදිංචිකරුවන් වෙත භාරදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දුව ඉටු කරමින් ආරක්ෂක අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.

 

මෙසේ බාරදෙනු ලබන බිම් කොටස් අතර යුද හමුදාව භාවිතයේ පැවති බිම් කොටස් 05ක් සහ නාවික හමුදාව භාවිතයේ පැවති එක් බිම් කොටසක් ද වන අතර අදාළ ඉඩම් හිමිකරුවන් හඳුනාගැනීම විනිවිදභාවයෙන් යුතුව සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

යුද්ධය හේතුවෙන් අවතැන් වී තවමත් පේදුරුතුඩුවේ කඳවුරු 09ක රැඳීසිටින පවුල් 75ක් සඳහා උතුරු පලාලි ප්‍රදේශයෙන් රජය සතු ඉඩම් අක්කර 13ක් ද බෙදාදීමට නියමිතය.

 

මෙසේ නිදහස් කරනු ලබන භූමි ප්‍රදේශයේ පිහිටි නගර සභා ශාලාව වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට බාරදීම ද හෙට සිදු කෙරේ.

 

මේ අතර නැවත පදිංචි කිරීමට නියමිත පවුල් 197කට නැවත පදිංචි කිරීමේ ආධාර කඩිනමින් ලබාදෙන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පදිංචි කිරීමේ විෂය භාර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

Related posts

වව්නියාවේ සිද්ධියට අදාළ FR පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

Editor O

මුල්‍ය සමාගම් අක්‍රමිකතා සෙවීමට මහ බැංකුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment