Trending News

ශ්‍රී ලංකාවේ ණය ගැන චීනය ගත් අලුත්ම තීරණය

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම වසර දෙකක් සඳහා අත්හිටුවීමට චීනය තීරණය කර තිබේ.

 

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිංග් විසින් ඒ බව පවසා ඇති බව වාර්තා වෙයි.

 

ඒ අනුව චීනය විසින් 2022 සහ 2023 වසරවලදී ගෙවිය යුතු ණය වෙනුවෙන් දිගුවක් ලබාදීමේ සැලැස්මක් ඉදිරිපත් කර ඇත.

 

ඒ යටතේ අදාළ කාලය තුළ ශ්‍රී ලංකාව විසින් බැංකු ණය සඳහා ගෙවිය යුතු මූලික හා පොලී ගෙවීම අවශ්‍ය නොවන බව වාර්තා වෙයි.

 

මේ අතර ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර හිමියන්ගේ එකමුතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත අද (03) ලිපියක් යොමුකර තිබේ.

 

එය, ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුකළ ශ්‍රී ලංකාව පිළිබඳ සහතිකයට සමාන ලිපියකි.

 

එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ මෙරට ණය ප්‍රතිව්‍යහුගත කිරීමේ සාකච්ඡා සඳහා කඩිනමින් සහ ඵලදායි ලෙස සහභාගී වීමට සූදානම් බවය.

 

මෙරට ණය තිරසරභාවයක් ස්ථාපිත කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සඳහා එය සහායක් වනු ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

 

එමෙන්ම මෙමගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශවීමට නැවතත් හැකිවනු ඇතැයි ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් විශ්වාස කරයි.

 

කෙසේනමුත් මෙරට මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ණය තිරසරභාවයද සහතික කළ යුතුව ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.

 

එමෙන්ම 2032 වනවිට රජයේ ණය දළ දේශීය නිෂ්පාදනයෙන් 95% ක් දක්වා අඩුකිරීම, වසර 2027 සිට 2032 දක්වා මධ්‍යම රජයේ විදේශ මුදල් ණය සේවාකරණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% දක්වා ඉහළ නැංවීම ඇතුළු ඉලක්ක කිහිපයක් ද මෙරට ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් ඉදිරිපත් කර තිබේ.

Related posts

BAR briefed on SOFA, MCC & Land Act

Mohamed Dilsad

British rugby players ‘took heroin’ before deaths in Sri Lanka

Mohamed Dilsad

Tusker shot dead inside Udawalawe National Park

Mohamed Dilsad

Leave a Comment