දේශීය

මහජන උපයෝගිතා කොමිසම ට අලුත් සාමාජිකයෙක්

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයෙකු ලෙස ඩග්ලස් එන්. නානායක්කාර මහතා පත්කර තිබේ.

 

ඒ එහි සාමාජිකයන් දෙදෙනකු දැරූ තනතුරුවලින් ඉල්ලා අස් වූ පසුබිමකය.

 

විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් අවසන් අනුමැතිය ලබාදීම මහජන උපයෝගිතා කොමිසම විසින් සිදුකරනු ලබන අතර විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා එම කොමිසම අතර පසුගිය දිනවල මතභේදයක්ද නිර්මාණය වුණි.

 

එම වාතාවරණය තුළ එම කොමිෂන් සභාවේ සාමාජිකයින් වන මොහාන් සමරනායක සහ බී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි පසුගියදා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කළේය.

 

ඒ කොමිසමේ වත්මන් සභාපති ජනක රත්නායක මහතාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් සේවය කළ නොහැකි බව පවසමිනි.

 

එහිදි සමරනායක මහතා සිය ලිපිය මගින් දන්වා තිබුණේ කොමිසමේ අභ්‍යන්තරයේ පවතින සේවා වාතාවරණය සහ වැඩකිරීමේ රටාව වෘත්තීමයභාවයකින් තොර අප්‍රසන්න සහ ඉවසිය නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවය.

 

ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ තනතුර සඳහා රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියෙක් වන ඩග්ලස් එන්. නානායක්කාර මහතා මුදල් අමාත්‍යාංශය විසින් අද පෙරවරුවේ පත්කරනු ලැබීය.

 

ඊට අදාළ පත්විම් ලිපිය සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අත්සන් තබා තිබුණි.

Related posts

”ඩෙල්ටා පෙනහලුවලට කරන බලපෑම් වැඩි නිසා ආසාදිතයන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව වැඩියි”

Mohamed Dilsad

විදුලි ගාස්තු අඩු කිරීමෙන් ආර්ථිකයට බලපෑම්…?

Editor O

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment