දේශීය

අධිකරණය හමුවේ බිත්තර නිෂ්පාදකයින් දුන් පොරොන්දුව

බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් පසුගිය අගෝස්තු මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

 

ඒ ඊට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

 

සුදු බිත්තරයක් රුපියල් 44ක් සහ රතු බිත්තරයක් රුපියල් 46ක් වශයෙන් බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව ද පෙත්සම්කාර පාර්ශවය මෙහිදී අධිකරණයට දන්වා සිටියේය.

 

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසුවේ පසුගිය අගෝස්තු මාසයේ පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ පාලන මිල පිළිබඳ ගැසට් නිවේදනය අධිකරණය විසින් අත්හිටුවීමෙන් පසු මාසයක පමණ කාලයක් තුළ බිත්තර නිෂ්පාදකයින් බිත්තර මිලියන 20 ක් 25 ක් පමණ විකුණා විශාල ලාභයක් උපයා ගෙන ඇති බවය.

 

නඩුව යළි විභාගය සඳහා මාර්තු මස 30 වනදා කැඳවන බව අධිකරණය දැනුම් දුන්නේය.

 

Related posts

ජනපති නිල සංචාරයකට

Mohamed Dilsad

නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ කේ.පී ශර්මා අද දිවුරුම් දෙයි

Editor O

ඉන්දියාවේ සිටි නාවිකයින් පිරිසක් යළිත් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment