දේශීය

වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

 

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

සුළං ඊසාන දෙසින් හමාඑන අතර සුළඟේ වේගය පැ.කි.මී. (20-30) පමණවේ.

 

මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

හම්බන්තොටසිටපොතුවිල් දක්වා වෙරළටඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

 

මුහුදු රළ තරංග කාලය වැඩිවීම හේතුවෙන්ම න්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශ රළුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

මහ මැතිවරණ අපේක්‍ෂකයින්ට කොමිසමෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම අද

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් අගමැතිට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment