දේශීය

ජනපති මාර්තු මාසය ගැන දැඩි අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම්දීම එළඹෙන මාර්තු මස වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

එම ක්‍රියාවලිය ඉදිරියට යාම සඳහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් සහ සමාජය තුළ නව ආකල්ප ද අවශ්‍ය වන බව කොළඹ අද (15) පැවති වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

SLTC හෙවත් ශ්‍රී ලංකා පර්යේෂණ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය තුළ ස්ථාපිත කෙරෙන ආණ්ඩුක්‍රම අධ්‍යයන ආයතනය මතු පරපුරට පැවරීම සහ 2048 දක්වා ලංකාවේ ගමන් මග සාර්ථක කර ගැනීමට සංවිධාන කරන peace and prosperity 2048 සම්මන්ත්‍රණ මාලාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ දී ආරම්භ වුණි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

 

“අප දැන් සිටින්නේ ආර්ථිකය ස්ථායීකරණය කිරීමේ අදියරක. මම අපේක්ෂා කරනවා මාර්තු වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළ හැකි යැයි ප්‍රකාශ කරනු ඇතැයි කියලා. නමුත් ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වයක් සහ සමාජයේ නව ආකල්ප වෙනසක් අවශ්‍ය වනවා. එවැනි නවෝත්පාදනයක් සඳහා අලුතින් සිතීමක් අවශ්‍යයි. නව ආකාරයේ සිතීමකට නව විශ්වවිද්‍යාල අවශ්‍ය වනවා. අප දැන් සිටින්නේ පරිවර්තන යුගයක. අප හොඳ නරක දෙකම එක්ව ගෙන විනිශ්චයන්ට පැමිණිය යුතුයි. නමුත් උසස් අධ්‍යාපනයේ වෙනසක් අවශ්‍යමයි. එය සිදුවිය යුත්තේ රට තුළ පුළුල් නවෝදයකින් අනතුරුවයි. මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලිය අවසන් වූ වහාම අප ඒ පුළුල් සංවාදය අරඹන්න සූදානම්.”

 

 

Related posts

ජනාධිපති අපේක්ෂක නාමල්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරයි

Editor O

ඊයේ ආසාදිතයන් 06 දෙනෙකු නාවික හමුදාවේ

Mohamed Dilsad

කොත්තු සහ කෙටි ආහාරවල මිලත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment