දේශීය

ඡන්දයට අදාළව තීරණාත්මක සාකච්ඡාවක්

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුදල් නිදහස් කරගැනීම සඳහා හෙට (16) දිනයේදී මුදල් අමාත්‍යංශ ලේකම් හා නිලධාරීන් කැඳවා සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පවසයි.

 

සැලසුම් කළ පරිදි තැපැල් ඡන්දය සලකුණු කිරීම නියමිත දිනයේදී සිදු කිරීමට උත්සාහ කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිෂන් සභාව විසින් රජයේ මුද්‍රණාලය වෙත ලබාදෙනතෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබුණි.

 

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද (15) දිනයේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

 

නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් තොර නොවැළැක්විය හැකි හේතූන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීම සඳහා ඡන්ද පත්‍රිකා ලබාගැනීමට නොහැකිව ඇති බැවින් අද දිනයේදී එම කටයුතු සිදු නොකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (14) නිවේදනය කළේය.

 

ඡන්ද විමසීමට අදාළ මුදල් නිදහස් කරගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට හෙට දිනයේදී මුදල් අමාත්‍යංශය ලේකම්වරයා හා එහි නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවීමට තීරණය කර ඇත්තේ එවන් පසුබිමක් තුළය.

 

සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන බවත් එසේ නොහැකි වුවවොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

 

කෙසේවෙතත් සැලසුම් කළ පරිදි නියමිත දිනවලදී තැපැල් ඡන්දය පැවැත්වීමට උත්සාහ කරන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසීය

Related posts

රනිල්, සජිත් සහ රාජපක්ෂ බය කළ අනුරගේ බියගම ජන ගඟ

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 18300 ඉක්මවයි

Mohamed Dilsad

ගුරුවරු සහ සිසුන් කොටස් වශයෙන් කැඳවන්න යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment