දේශීය

පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි.

 

අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ අද දිනයේ සිට ඡන්ද පෝළිම් දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කරන බවය.

 

කෙසේවෙතත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් එම කටයුතු අකර්මණ්‍ය වී ඇති බව මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් පවසයි.

 

දිවා කාලයේදී පොලිස් නිළධාරීන් 35 දෙනෙකු සහ රාත්‍රී කාලයේ පොලිස් නිළධාරීන් 25 දෙනෙකු බැගින් පොලිස් නිළධාරීන් 60 දෙනෙකු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන අවස්ථාවේදී ආරක්ෂක කටයුතු සඳහා යොමුකරන ලෙස පොලිස්පතිවරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබේ.

 

කෙසේවෙතත් ආරක්ෂක කටයුතු සදහා මේ වනවිට යොදවා ඇත්තේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු පමණක් බව මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේය.

 

ඇය පැවසුවේ ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරිමේ කටයුතු සිදුකළ නොහැකි බවය.

Related posts

නිරෝධායනය අවසන් කර පිටව ගිය අය 10,000 ඉක්මවයි

Mohamed Dilsad

වුහාන් බලා විශේෂ ගුවන් යානයක් දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

ආර්ථික ක්‍රියාකාරකම් පළාත් මට්ටමින් ඇරඹීමේ හැකියාව ජනපතිගේ විමසුමට

Mohamed Dilsad

Leave a Comment