දේශීය

මෙහෙමත් අපරාධයක්

දින හතක් වයසැති බිලිඳියක් පොළොවේ ගසා ඝාතනය කළ බව කියන 28 හැවිරිදි මවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

පයාගල හල්කඳවිල කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඝාතනයට ලක්වූ බිලිඳිය ඇය දාව උපන් නිවුන් දැරියන් දෙදෙනාගෙන් බාල දැරිය බවද පොලීසිය කියයි.

 

ඉකුත් 15 වනදා එම බිලිඳිය ඇඳෙන් වැටී අනතුරට ලක්වූ බව පවසා කළුතර මහ රෝහලට ඇතුළත් කර තිබුණි.

 

කෙසේවෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී එය ඝාතනයක් බවට අනාවරණය වූ බව පොලීසිය පැවසීය.

 

සැකකාරිය අවස්ථා තුනකදී දැරියව පොළොවේ ගසා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

Related posts

කතානායක අශෝක රංවලගේ අධ්‍යාපන සුදුසුකම් ඉල්ලා තොරතුරු ඉල්ලීමක්

Editor O

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

Editor O

වීසා දඩය වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment