දේශීය

චීන සහතිකය නොමැතිව ලංකාවට ණය දීමට මූල්‍ය අරමුදලේ අවධානය

චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට යෝජිත ණය අනුමත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

එම අරමුදල උපුටා දක්වන ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ශ්‍රී ලංකාවට ණය සහනය ලබා දීම සඳහා බාධාවක් වී ඇති එකම පූර්ව අවශ්‍යතාව ලෙස චීනයේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සහතිකය හඳුනාගෙන ඇති බවය.

 

වි‍ශේෂිත ක්‍රමවේදයක් යටතේ අදාළ ණය සහනය අනුමත කිරීමට අපේක්ෂා කරන බවද මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

 

කෙසේවෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් තවදුරටත් කටයුතු කරන අතර ඒ සඳහා මූල්‍ය අරමුදලේ සහයෝගය ද ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

 

මේ වන වටත් ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමි පාර්ශව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා දී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.

 

Related posts

ලිංගික අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

Mohamed Dilsad

ලොහාන්ට එරෙහි පෙත්සම ගොණුකල රැඳවියන් 08 දෙනාගේ ආරක්ෂාව තහවුරු කරයි

Mohamed Dilsad

ලෙබනනයේ නීතිවිරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්

Mohamed Dilsad

Leave a Comment