දේශීය

නීතීඥ සංගමයෙන් රාජ්‍ය නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්

සියලුම මැතිවරණ පැවැත්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය අංගයක් වන පසුබිමක මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා රජය ගනු ලබන උත්සාහය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කණස්සල්ල පළකර ඇත.

 

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම අරමුණු කරගත් බව පවසමින් රජය මෑතකදී ගනු ලැබූ පියවර කිහිපයක්ම මැතිවරණය පැවැත්වීමට බාධා කරන අයුරින් බලපා ඇති බවය.

 

භාණ්ඩාගාර ලේකම්වරයාගේ, රාජ්‍ය මුද්‍රණාලයාධිපතිනියගේ සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතනවල එම ක්‍රියාකලාපය මැතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණෙන්ම ගත් උත්සාහයන් බව පැහැදිලිවම පෙනෙන්නට ඇති බව නීතීඥ සංගමය පෙන්වා දී තිබේ.

 

මැතිවරණ කොමිසමට සහාය දැක්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන අතර එසේ සිදුනොකිරීම හෝ එලෙස කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව ව්‍යවස්ථාවේ දැක්වෙන බව එම නිවේදනයේ සඳහන් වේ.

Related posts

ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්වෙයි

Mohamed Dilsad

මහ මැතිවරණයට දින නියම වෙයි

Mohamed Dilsad

ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය දඩ ගසයි

Mohamed Dilsad

Leave a Comment