දේශීය

මහනුවර ට දැඩි ආරක්ෂාවක්

75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන ජනරජ පෙරහැර අද (19) පස්වරුවේ මහනුවරදී වීදි සංචාරය කිරීමට නියමිතව තිබේ.

 

ඒ හේතුවෙන් මේ වනවිට මහනුවරට දැඩි ආරක්ෂාවක් යොදා ඇතැයි වාර්තා වේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව, මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන්ගේ උපදෙස් අනුශාසනා පරිදී ශ්‍රී දළදා මාළිගයේ දියවඩන නිළමේවරයා සහ සතර මහා දේවාල නිළමේවරුන් ඒකරාශිව ජනරජ පෙරහැර පවත්වනු ලබයි.

 

පෙරහැර පස්වරු 06.30ට මහනුවර ශ්‍රී දළදා මාළිගයෙන් වීදි සංචාරය ආරම්භ කරන අතර එය දළදා වීදිය, යටි නුවර විදීය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට නියමිතය.

 

පෙරහැර නැරඹීම සඳහා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතව තිබේ.

 

ජනරජ පෙරහැර හේතුවෙන් අද පස්වරුවේ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළි‍වෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා සඳහන් කළේය.

 

“2009 වර්ෂයට පස්සේ රටේ සුවිශේෂි අවස්ථවන්වල මේ පෙරහැර පවත්වා තිබෙනවා. අපේ රටේ පසුගිය කාලේ පැවති වාතාවරණය වෙනස් වෙමින් සාමකාමි වටපිටාවක් තිබෙන බවට ජාත්‍යන්තරය දැනුවත් කිරීම තමයි මූලික අදහස වන්නේ. මේ සඳහා අපි විශේෂිත ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්යබළකාය එකතු වෙමින් 3,000කට අධික පිරිසක් යොදවමින් මේ පෙරහැරේ සම්පූර්ණ ආරක්ෂාව සඳහා කටයුතු කරලා තියෙනවා. මේ සඳහා පැමිණේන ජනතාව සඳහා විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා.”

Related posts

තවත් ෆේස්බුක් සාදයක් වටලා 30ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉදිරි මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයේ සහය ජනපතිට

Mohamed Dilsad

කළුතර ප්‍රදේශ කිහිපයක ජනතාවට ජල බිල්පත් ගෙවීමේදී සහනයක්

Mohamed Dilsad

Leave a Comment