ව්‍යවස්ථාවට අනුව ඡන්දය පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“විසඳුම මාලිමාව” යන මැයෙන් ඊයේ (19) ජාඇල ප්‍රදේශයේදී පැවැත්වූ ජන හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසීය.
එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය ආණ්ඩුවක් තුළින් යළි පරීක්ෂණයක් සිදුකර පාස්කු ප්‍රහාරයේ සත්‍යයද හෙළිදරව් කරන බවය.
“සමහරු කියනවා රනිල් මාර පරිණතයි ඡන්දේ නතරකළා කියලා. මේවා මොන වැඩ ද. මේ චොප්පෙ ස්ටයිල් වැඩනේ. ඊයේ කියනවා ලබන අවුරුද්දෙ දෙන්නම්ලු. එයාගෙන්ද ඡන්දෙ අපි ඉල්ලන්නේ. ඔන්න අපි ඉල්ලනවා නම් එයාගෙන් බණ්ඩාරවෙල එයාගෙ තේ වත්තෙන් පර්චස් 10ක් දෙන්න කියලා. එයාට කියන්න පුළුවන් ලබන අවුරුද්දේ දෙන්නන් කියලා. එයාගේ තේ වත්තෙන් අපි ඉඩම් ඉල්ලලා නෑ. ව්‍යවස්ථාව අනුව ඡන්දය තියන්න ඕන.”
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී සමගි ජන බලවේගය පිළිබඳවද අදහස් දැක්වීය.
“අනේ එයා ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ ගැන මම කියන්නේ එයා මෙහේ රැස්වීමක් තිබ්බොත් අපිට ඇති. දැන් අපේ රටේ රැස්වීම් වර්ග දෙකක් යනවා. එයා ගිහිල්ලත් ඡන්ද හදනවා. අපි ගිහිල්ලත් ඡන්ද හදනවා මාලිමාවට. දේශපාලනය දන්නේ නෑ. මේ ගැඹුරු දේවල් දන්නේ නෑ. එයා හිතන්නෙ රට හදනවා කියන්නේ බඩු බෙදීම කියලා. මාලිමාවේ පිටිය තමයි මේ ජනතාවත් එක්ක දේශපාලනය කිරීමේ පිටිය. රනිල් හිස් පිටියකට ගිහින් හිට්ලර් වගේලු. හිට්ලර් හිටියානම් තව පාරක් වෙඩි තියාගන්නවා. හිට්ලර් ට කරපු ලොකුම අපහාසය. හදිසි නීතිය දානවා – හමුදාවට වෙඩි තැබීමේ බලය දෙනවා. මතකද?. ගනු කඩුව එනු සටනට කියලා එයාගෙ පිටියට එන්නලු. රනිල් අපි නම් ඔය පිටියට එන්නෙ නැහැ. එයාට තියෙන්නේ පොලීසියයි හමුදාවයි විතරයි. එයා හිතනවා එයාට තියෙනවා කියලා. මම යාපනයට යනකම් මඟදිගට හමුදා නිලධාරීන් හමුවුණා. මේ වැඩේදී මුළු කෑම්ප් එකම ඔයාලා එක්කලු. මට හමුවුණා කිලිනොච්චියෙ හමුදා නිලධාරීන් ගණනාවක්. එයාට කිව්වා ඒ අයට ෆේස්බුක් තහනම් කරලා තියෙන්නේ. ඒත් ගෘෘප් හදාගෙන අපිට සහාය දෙනවා. අදටත් නොවිසඳුණු පාස්කු ප්‍රහාරය කළේ කවුද කියලා හෙළිකරන්න ආණ්ඩුවක් ඕනේ. දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලුවාම ඇතිද? පරීක්ෂණ යළි ආරම්භ කරලා ප්‍රහාරකයින් හෙළි කිරීම මාලිමාවේ ආණ්ඩුව භාරගන්නවා.”