දේශීය

නීතිවිරෝධී අයුරින් එකලස් කළ සුඛෝපභෝගී රථයක් හලාවතින් සොයාගනී

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් නීතිවිරෝධී අයුරින් එකලස් කර සකස් කරන ලද සුඛෝපභෝගී රථයක් හලාවත මැරවල ප්‍රදේශයේදී පොලිස් භාරයට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය පවසයි.

 

චැසි හා එන්ජින් අංක නීතිවිරෝධී අයුරින් ඇතුළත් කළ සුඛෝපභෝගී ජීප් රථයක් තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා ලද තොරතුරක් අනුව වැටලීම කළ බව පොලීසිය කියයි.

 

ජීප් රථය පොලිස් භාරයට ගන්නා අවස්ථාවේදී එය පරිහරණය කළ බව කියන පුද්ගලයා සතුව කිසිදු ලිපි ලේඛනයක් නොතිබූ බවත් පොලීසිය කියයි.

 

ජීප් රථය පරිහරණය කළ පුද්ගලයාගෙන් ඒ පිළිබඳව විමසීමේදී ඔහු පවසා ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙම ජීප් රථය මීට මාස 6කට පමණ ඉහත දී මිළදී ගත් බවය.

 

ආදායම් බලපත්‍රය ලබාගැනීමට ගිය අවස්ථාවේ ද ඇති ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඒ පිළිබඳව ජීප් රථය විකුණූ පුද්ගලයාට පැවසීමෙන් අනතුරුව එය සකස්කර දෙන බවට පොරොන්දු වී ඔහු සියලුම ලිපි ලේඛන ගත් බවට අනාවරණය වී යැයි පොලීසිය පැවසීය.

 

එම පුද්ගලයාට ජීප් රථය විකිණූ ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයා වාහන ජාවාරම්කරුවකු බවත් ඔහු වංචනික ක්‍රියා රැසකට පොලිස් අත්අඩංගුවට පත්වූ අයෙක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

 

එම රථය මේ වනවිට හලාවත පොලීසිය භාරයට පත්කර ඇති අතර වැඩිදුර විමර්ශන පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් සිදුකරයි.

Related posts

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද යළි රැස්වෙයි

Mohamed Dilsad

ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරක්ෂිතතාවයට විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

Leave a Comment