දේශීය

ලංකා ගුරු සංගමයෙන් පොලීසිය ට චෝදනාවක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ විරෝධතාවය අතරතුර ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

 

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළට අද (23) පස්වරුවේ බලහත්කාරයෙන් ඇතුළුවීමත් සමග එහි උණුසුම්කාරී තත්ත්වයත් ඇතිවිය.

 

විරෝධතාකරුවන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ විරෝධය පළ කරමින් සිටින අතරතුර පොලීසිය එහි පැමිණ විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

 

මේ අතර අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් මිරිහාන පොලීසියට රැගෙන ගොස් ඇති අතර අත්අඩංගුවට පත් ගුරුවරුන් දෙදෙනා ඇතුළු සෙසු පිරිස මේ වනවිට තලංගම පොලීසිය භාරයේ පසුවෙයි.

 

ඔවුන් බැලීම සඳහා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් අද පස්වරුවේ තලංගම පොලීසියට පැමිණ තිබුණි.

 

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා,

 

“තවමත් අපිට බලන්න දුන්නේ නැහැ. මොකක්ද මේ නීතිය. අපි කියන්නේ වහාම මේ අයව නිදහස් කරන්න. එහෙම නොවුණොත් අපිට වෙනවා..අධ්‍යාපන පද්ධතියත් එක්කම කතා කරලා යම් තීරණයකට එන්න.”

 

නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කළේ,

 

“පොලීසි ගණනාවක මේ පිරිස රඳවා තබාගෙන ඉන්නවා. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බස් රථයක තබාගෙන දරුණු ලෙස පහර දුන්නා කියලා වාර්තා වෙනවා. වසන්ත මුදලිගේ ගේ ජීවිතය අවදානම්. මේ සියලු දෙනාවම එක තැනක රඳවා තබාගැනීමේ හැකියාව තියෙද්දි කණ්ඩායම් කණ්ඩායම් තැන් තැන්වල රඳවාගෙන තිබෙනවා. එක බරපතළ සැකයක් මතු කරන කරුණක්.”

Related posts

ෂාෆ්ටර් ඝාතනය සිදුවූ තැන තිබූ උපකරණ වෙත වැඩි අවධානයක්

Mohamed Dilsad

මෙරට රැකියා නොමැති පිරිසගේ අනුපාතය ඉහළට

Mohamed Dilsad

ජනපති සහ ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment