දේශීය

මුජිබුර් ගොනු කළ පෙත්සම අඟහරුවාදා සලකාබැලේ

මැතිවරණය පැවැත්වීමට අදාළව මුජිබුර් රහුමාන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන අඟහරුවාදා සලකාබැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

 

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් සිදුකරන බාධාකිරීම් නතර කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයෙන් කොළඹ මහනගර සභාවට පුරපති අපේක්ෂකයා ලෙස තරගවදින මුජිබුර් රහුමාන් එම පෙත්සම ගොනුකර තිබුණි.

 

මේ අතර අද (23) මාධ්‍යට අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ,

 

“මේ ඡන්දය පවත්වන්න අවශ්‍ය සම්පත් ප්‍රමාණය ලබාදෙන්නේ නැති එක තමයි අපිට දැන් පේන්න තියෙන්නේ. වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව මේ රටේ ජනතාව පෙළගස්වන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේක මං හිතන්නේ අපිට පාරෙදි තමයි විසඳගන්න වෙන්නේ.”

 

Related posts

දිවයිනේ සියලුම ත්‍රීවිල් ජනවාරියේ සිට මිටර් ක්‍රමයට

Mohamed Dilsad

උඩවලවේ දිවියෙකු ඝාතනය කළ සිව්දෙනා අත්අඩංගුවට

Mohamed Dilsad

නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන් දෙනෙකුට ස්ථාන මාරුවක්

Mohamed Dilsad

Leave a Comment