දේශීය

එකතුවී වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න – ජනපති නිලධාරීන්ට කියයි

නිලධාරීන් එකතුවී රාජකාරී කළ යුතු බවත් එසේ නොහැකි නම් ඔවුන් ගෙදර යායුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස සමග ඊයේ (23) පැවති හමුවකදීය.

 

ව්‍යාපාරික කාන්තාවක් – “මේ වෙනකොට කිලෝමීටර් 5ක විතර වන වෙරළ ධීවර අමාත්‍යංශයේ වරායවල්වලින් විකිණිලා. මහා ජාවාරමක් ජනාධිපතිතුමනි. 2023 වසරේ වැලි ජාවාරමට අනුමැතිය ලැබිලා නැහැ. නමුත් අපිට දැනගන්න ලැබෙනවා ධීවර අමාත්‍යාංශය ඒකට වලිකනවා. ඒ අනුව ජනාධිපතිතුමනි, මෙය නැවැත්විය යුතුයි.”

 

ජනාධිපති – “කවුද ඒකට අනුමැතිය දෙන්නේ?”

 

නිලධාරියා – “වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව.”

 

ජනාධිපති – “ඇයි ඉතින් අනුමැතිය දෙන්නේ.”

 

නිලධාරියා – “සර් ඒකේ.. අවශ්‍යතාවය තියෙන්නේ වැලි ඉවත් කිරීම සඳහා යම්කිසි පිරිවැයක් යනවා. ඒ පිරිවැය පිරිමහගන්න තමයි අපෙන් ඒ අවසරය ඉල්ලන්නේ.”

 

ජනාධිපති – “අපි කතා කරමු ධීවර ඇමතිතුමා එක්ක. ධීවර වරාය තියෙන්නේ වැලි විකුණන්න නෙවෙයි. මාළු විකුණන්න. ප්‍රදේශයේ වෙරළ ආරක්ෂා කරන්නත් කොරල් පර පිහිටි ප්‍රදේශ ආරක්ෂා කරන්නත් අපි වැඩසටහනක් ක්‍රියාත්මක කරමු.”

 

ව්‍යාපාරික කාන්තාවක් – “අපි රජයෙන් මුදල් ඉල්ලන්නේ නෑ. ඒක අපිට සිමෙන්ති ටිකක් දාලා ලස්සනට හදාගන්න පුළුවන්. නමුත් වෙරළ සංරක්ෂණයෙන් ඇවිල්ලා ඒක නතර කරනවා. හැමවෙලාවෙම. ඒ වගේම අපි ඩොලර් මිලියන ගණන්වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. අපේ ගොඩක් යාළුවෝ මේකට ආයෝජනය කරන්න බලාගෙන ඉන්නවා.”

 

ජනාධිපති – “ඉඩදෙන්න, මොකක්ද ප්‍රශ්නය ඒකට?”

 

ව්‍යාපාරික කාන්තාව – “වෙරළ සංරක්ෂණයෙන් කරන්න දෙන්නේ නැහැ. ඒ කිසිම දෙයක්.”

 

ජනාධිපති – “නැහැ මම අහන්නේ.. මම එනකම් ඉන්න ඕනෙද ? ඔය ටික කරගන්න. මේ නිලධාරීන් ඉක්මනට වැඩ කරන්න ඕන.”

 

ව්‍යාපාරිකයෙක් – “මේ නිලධාරීන් පොතෙන් එහා පිටවෙන්නේ නෑ. මොන වැඩේ කරන්න ගියත්, අරන් ගිහින් උසාවි දාන එක තමයි කරන්නේ.”

 

ජනාධිපති – “මම ඊළඟ සැරේ එන්න ඉස්සෙල්ලා නිලධාරීන් අදාළ වැඩකටයුතු කරලා මේක මට කරලා දෙයි කියලා… මගේ මේසෙට මේවා එන්න වැඩක් නැහැ. ඉතින් ආණ්ඩුවේ නිලධාරීන්ට මම දැන් කියනවා.. ඔක්කොම එකට එකතුවෙලා වැඩ කරන්න නැතිනම් ගෙදර යන්න.”

Related posts

වරකාපොළදී නාවික බස් රථ 2 ක් අනතුරට ලක්වෙයි [VIDEO]

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරටින් ඉල්ලිමක් කරයි

Mohamed Dilsad

කටුනායක වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment