දේශීය

බදු ගැන තීරණාත්මක සාකච්ඡාවක්

වර්තමානයේදී මෙරට විශාල පිරිසක් බදු ගෙවීම මඟහැරීම හේතුවෙන් බදු ගෙවන්නන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි.

 

අද දෙරණ ‘බිග් ෆෝකස්’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 

මේ අතර බදු සංශෝධන සම්බන්ධයෙන් හෙට (25) ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නේද? නැද්ද? යන්න පිළිබඳව තීරණය කරන බව වෘත්තිය සමිති පවසයි.

 

නව චක්‍රලේඛනය අනුව වෘත්තිකයින්ගේ වැටුප් කප්පාදුව ඇතුළු කරුණු ගණනාවක් සාකච්ඡා කිරීම සඳහා සියලු වෛද්‍ය වෘත්තිකයින්, වෛද්‍ය විද්‍යායතන අතර සාකච්ඡාවක් අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේදී පැවැත්වුණි.

 

මේ අතර උපයන විට බදු අයකිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව විදුලි බල, වරාය අධිකාරිය, ඛනිජ තෙල් සංස්ථාව සහ ජල සම්පාදන වෘත්තිය සමිති රැසක් එක්වී අද සාකච්ඡාවක නිරතවී තිබුණි.

 

මේ අතර මාර්තු පළමු වනදා සිට කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කරමින් විරෝධතාවයේ නිරතවන බව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තිය සමිති පෙරමුණ පවසයි.

Related posts

කෝප් සහ කෝපා සඳහා නව සභාපතිවරුන් පත් කිරීම අදයි

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවක

Mohamed Dilsad

වුහාන් බලා විශේෂ ගුවන් යානයක් දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment