දේශීය

රුපියල් කෝටි 3ක කොල්ලය – CCTV

උස්වැටකෙයියාව අලුත්අක්කරය ප්‍රදේශයේ ගබඩා සංකීරණයකට ඇතුළු වී එහි තිබූ වියළි ආහාර තොගයක් සොරකම් කර පළාගොස් සිටි මංකොල්ලකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ මෙම කොල්ලකරුවන් විසින් එහි ආරක්ෂ නිලධාරියාට පහර දී ගබඩාවේ කාමරයක සිරකර මෙම සොරකම සිදුකර ඇති බවය.

 

මෙම සැකකරුවන් විසින් වියළි ආහාර, බහාලුම් 05ක පටවා ගෙන රැගෙන ගොස් ඇති බව ගබඩා සංකීර්ණයේ තිබූ CCTV වීඩියෝ වලින් අනාවරණය වී ඇත.

 

පොලීසිය පැවසුවේ සූදුරු, අබ, කඩල, පරිප්පු සහ කොත්මල්ලි තොග මෙලෙස සොරකම් කර ඇති බවය.

 

එම වියළි ආහාරවල වටිනාකම රුපියල් කෝටි 3කට අධික බව වාර්තාවෙයි.

 

පසුගිය 02 වනදා මෙම සොරකම සිදුකර කර ඇති අතර සැකකරුවන් 08 දෙනෙකු කුලියාපිටිය, හෙට්ටිපොල, බණ්ඩාරකොස්වත්ත, කටුනායක සහ පැලියගොඩ ප්‍රදේශවලදී අත්තඅඩංගුවට ගෙන ඇත.

 

මෙම සොරකම සිදුකිරීමට අනුබලදුන් ප්‍රධාන සැකකාරිනිය සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පවසයි.

 

පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

පූජිත්ට එරෙහි සෝපාන නඩුවේ විමර්ශණ කටයුතු අවසන්

Mohamed Dilsad

අඟුලානේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට

Mohamed Dilsad

ඇස්ප්‍රින් ඖෂධ කාණ්ඩ 2ක් භාවිතයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment