දේශීය

ළමා නිවාසයක දැරියන් 11ක් අපයෝජනය කරලා

රක්වාන ප්‍රදේශයේ ළමා නිවාසයක දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියාව මාර්තු 8 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ති‌බේ.

 

අදාළ පුද්ගලයා පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

 

60 හැවිරිදි සැකකරු රක්වාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු බව පොලීසිය පවසයි.

 

අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව රත්නපුර පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරු පසුගිය 24 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

 

බරපතළ ලිංගික අපයෝජනයට ලක්වූ බව පැවසෙන දැරියක් එම ළමා නිවාසයේ රැඳී සිට ඇත.

 

එම දැරියට වයස අවුරුදු 18 ඉක්මවූ පසු පාලිකාවගේ නිවසේ රැඳි සිට පාසල් ගොස් ඇතැයි ද පරික්ෂණවලදී හෙළිවී තිබේ.

 

එම දැරිය කහවත්ත රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

 

රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන ගිය එම ළමා නිවාසයේ පාලිකාවද සිද්ධිය අනාවරණය වීමෙන් පසු ඉවත් කර ති‌බේ.

 

 

Related posts

ග්‍රාම නිලධාරීන්ගේ සංගමය ගත් ක්‍රියාමාර්ගය අත්හැර දමයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අද ජනපති කාර්යාලයට

Mohamed Dilsad

Leave a Comment