දේශීය

අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි

ගම්පොළ, ඇත්ගාල ප්‍රදේශයේ පොලීසිය අසල කැළෑ ප්‍රදේශයක තිබී පිරිමි පුද්ගලයෙකුගේ සහ සුනඛයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

එසේ මියගොස් ඇත්තේ, කුකුල් මස් නිෂ්පාදන ආයතනයක සේවය කරමින් සිටි 46 හැවිරිදි ඇත්ගාල ප්‍රදේශයේ පුද්ගලයෙකි.

 

මළ සිරුර හමූවු කැළෑබද ප්‍රදේශයට ඉහළින් ඇති ඉඩමේ ඇතැම් ස්ථානවල විදුලි රැහැන් ඇද ඇති බවට ද තොරතුරු ලැබී තිබේ.

 

මිය ගිය පුද්ගලයා එම කැළෑ ප්‍රදේශයට ගියේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

 

ඔහු එම ප්‍රදේශයට යෑම හේතුවෙන් විදුලිසැර වැදී මිය යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

 

එම පුද්ගලයාගේ මළ සිරුර අසල සුනඛයා ද මියගොස් සිටි ඇති බව පොලීසිය පවසයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

උදය ගම්මන්පිළගෙන්, ආණ්ඩුව ට අභියෝග පිට අභියෝග

Editor O

ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම ට කරන්න යන දේ

Editor O

සරසවිවලට සිසුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment