දේශීය

සරසවි සිසුවියගේ ඝාතනයේ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව මෙන්න

කොළඹ තුරඟ තරග පිටියේදී පිහි ඇණුමකින් ඝාතනය කළ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ මරණය ගෙල ප්‍රදේශයට සිදුවූ තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනයවීමෙන් සිදුවූ මරණයක් බවට අද අධිකරණය ප්‍රකාශ කර තිබේ.

 

අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේ මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත.

 

මෙම සිද්ධියට අදාළ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණයේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

 

එම සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින සැකකාර සරසවි සිසුවා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තාවක් මගින් අධිකරණයට දැනුම්දී තිබුණි.

 

අධිකරණය එහිදී නියෝග කර ඇත්තේ සැකකාර සිසුවා මාර්තු මස 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටය.

 

අදාළ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට එහිදී අධිකරණය කුරුඳුවත්ත පොලීසිය වෙත නියෝග කර ඇත.

Related posts

ජලභීතිකා මරණ ඉහළ යා හැකියි -PHI සංගමයෙන් අනතුරු අඟවයි

Mohamed Dilsad

නිදහස් වෙළඳ කලාප සේවකයින්ට ජූලි මාසයේ සිට කොවිඩ්-එන්නත

Mohamed Dilsad

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment