දේශීය

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

 

මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

Related posts

රුපියල් කෝටි 18 ක් පමණ වටිනා රත්තරන් ජෙල් ගුලි සමග 6ක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Editor O

ඇඳිරි නීතිය කඩ කල 5,212 කට නඩු පැවරේ

Mohamed Dilsad

අද සිට විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment