ප්‍රමුඛ පුවත 1

බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කෙරේ

බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය තවත් වසර 05කින් දීර්ඝ කිරීමට සැලසුම්කර තිබේ.

 

ඒ අනුව වාර්ෂිකව අත්සන් කිරීමේ පදනම මත වසර 2023 සිට 2027 දක්වා මෙම ජාතික මධ්‍යස්ථානයේ කාලය දීර්ඝ කිරීමට අපේක්ෂිත බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.

 

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට මේ වනවිට ඉදිරිපත් කර තිබේ.

 

බිම්බෝම්බ ඉවත් කිරීම 2002 වසරේදී එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ මූලිකත්වයෙන් දේශීය හා විදේශීය රාජ්‍ය නොවන ආයතනයන්හි සහයෝගය ඇතිව ආරම්භ කළ අතර 2013 වසරේ දී එම අරමුදල මෙම ක්‍රියාවලියෙන් ඉවත්වූ අතර එතැන් සිට බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය එම කටයුතු සිදුකළේය.

 

ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ලෝක බිම්බෝම්බ තහනම් කිරීමේ සම්මුතියට අනුව වසර 2028 වන විට ශ්‍රී ලංකා බිම්බෝම්බ අවදානමෙන් තොර රටත් බවට පත්කළ යුතුව තිබේ.

 

ඊට අදාළව පාර්ලිමේන්තුව 2022 අංක 03 දරණ පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පණත සම්මත කර ඇත.

 

උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා වර්ග කිලෝමීටර 15 ක භූමි ප්‍රමාණයක් ඉතිරිව ඇති අතර තවදුරටත් හඳුනා නොගත් වර්ග කිලෝමීටර 02ක භූමි ප්‍රමාණයක් ද ස්ථිර අනතුරුදායක ප්‍රදේශ ලෙස වාර්තා වී තිබේ.

 

ශ්‍රී ලංකාව එම සියලු ප්‍රදේශයන්හි බිම්බෝම්බ ඉවත්කිරීම කඩිනමින් අවසන්කර 2027 වනවිට ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත්කිරීමට අවසන් ක්‍රමෝපායික සැලැස්ම ද සකස් කර ඇත.

 

එම සැලැස්ම සැකසීම සඳහා ජීනිවා හි ජාත්‍යන්තර බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයේ ද සහාය ලැබී තිබේ.

Related posts

ජනපති සහ අගමැතිගෙන් නබිතුමන්ගේ ජන්ම දිනයට සුබ පැතුම්

Mohamed Dilsad

තැපැල් සේවකයන් මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක.

Mohamed Dilsad

අද රාත්‍රියේ මුළු දිවයිනටම සිට නැවතත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment