දේශීය

පවතින වතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යායුතුයි

ශ්‍රී ලංකාව ආර්ථික අතින් නව ගමනක් ආරම්භ කිරීමට නම් අප පවතින වාතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යායුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

 

37වන ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය සම්මේලනයට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා තිබේ.

 

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

 

“මට නිතරම අසන්නට ලැබෙන දුක් ගැනවිල්ලක් තමයි පොලී හා බදු අනුපාතයන් ඉහළ නිසා තමන් දුෂ්කර මුල්‍ය තත්ත්වයක සිටින බව පැවසීය. ඔවුන් වටහා ගත යුතු කරුණක් තමයි, අඩු පොලී අනුපාත මත අපට තවදුරටත් රඳා පැවැතිය නොහැකි බව. මහ බැංකුව ලෙස අපි උපරිම උත්සාහ කරනවා.. ජනතාවට ඇතිවන වේදනාව අවම කරමින් ආර්ථිකය ගොඩනගන්නට.”

 

“මට විශ්වාසයි.. අප සිටියාට වඩා හොඳ තත්ත්වයකට පත්වූ ආකාරයෙන්ම අපට මුල්‍ය සහන ලැබුණු පසු ඊට වඩා ඉහළ ප්‍රගතියක් අත්කර ගත හැකි බවට. මට කියන්න පුළුවන් මෙය නව ගමනක ආරම්භයක් බව පමණයි. සහනයක් ලබාදීම අවසාන විසඳුම නොවෙයි. නව ගමන නම් අප පවතින වාතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යාමයි. අපිට නැවතත් පෙර තත්ත්වයට යා නොහැකියි. අපේ වැඩසටහන් සියල්ල ක්‍රියාත්මක වන්නේ ඒ අරමුණින්.”

Related posts

වයසට යෑම පරක්කු කරන බෙහෙතක් කොළඹ විශ්වවිද්‍යාලයෙන්

Mohamed Dilsad

2021 වසර සඳහා වන අයවැයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment