ප්‍රමුඛ පුවත 1

මාර්තු මුල් සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල කම්පනයක්

මාර්තු මාසයේ පළමු සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් සිදුවිය හැකි බව ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාඥයෙක් පුරෝකථනය කර තිබේ.

 

ඔහු පවසන්නේ චන්ද්‍රයා, පෘථිවිය සහ අඟහරු ග්‍රහයා අතරට පැමිණීමත් සමග භූ තැටි මත ඇතිවන තෙරපීමෙන් ප්‍රබල භූකම්පන සිදුවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවය.

 

තුර්කි – සිරියා දේශ සීමාවේ සිදු වූ භූ කම්පනය පිළිබඳව පළමුව පුරෝකථනය කළ ලන්දේසි ජාතික විද්‍යාඥ ෆෑන්ස හූගර්බීට්ස් ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙවැනිම අදහසක් පළ කර තිබුණි.

 

කෙසේ වුව ද පිළිගත් විද්‍යාඥයින් පවසන්නේ ග්‍රහ පිහිටීම මත පදනම් ව භූ කම්පන පිළිබඳව අනාවැකි පළ කිරීම භූ කම්පනය පිළිබඳ ඇති පිළිගත් පරාමිතීන්ට පටහැනි බවය.

 

මේ අතර ඊයේ (27) තුර්කියේ මලට්යා නගරය ආසන්නයේ රික්ටර් මාපාංක 5.6 ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හටගත්තේය.

 

ඉන් එක් අයෙක් මිය ගොස් තවත් පුද්ගලයින් 110කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

 

භූ කම්පනයෙන් ගොඩනැගිලි 29ක් විනාශ වූ බව තුර්කි බලධාරීන් තහවුරු කර තිබේ.

 

එම භූ කම්පනය වාර්තා වුණේ පුද්ගලයින් 60,000 කට ආසන්න පිරිසකට මරු කැඳවූ තුර්කි – සිරියා භූකම්පනයෙන් සති තුනකට පසුව ය.

 

 

Related posts

කළුගඟ රන් දියවර රැඳවුම් මංගල්‍යය අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

දිළිඳු ජනතාව වසර දෙකක් තුළ නගාසිටුවනවා – විපක්ෂ නායක

Editor O

මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්..

Mohamed Dilsad

Leave a Comment