දේශීය

නීතිවිරෝධීව අධිවේගී මාර්ගයේ මගීන් ප්‍රවාහන කළ බස් 4කට වැඩ වරදියි

අද (03) උදෑසන සිදුකළ හදිසි වැටලීමකදී නීතිවිරෝධී ලෙස අධිවේගී මාර්ගයේ සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කළ බස් රථ 4ක බලපත්‍ර සිය භාරයට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

 

කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදී මෙම නීතිවිරෝධී බස් රථ හඳුනාගෙන තිබේ.

 

අධිවේගී මාර්ගවල බස් රථ ධාවනයේදී මගීන් අසුන්ගෙන ගමන්කළ යුතු වන අතර අදාළ බස් රථවල මගීන් හිටගෙන ගමන්කර ඇති බවද අනාවරණය වූ බව පොලීසිය පවසයි.

 

බලපත්‍රලාභී මගී ප්‍රවාහන බස් රථ හිමියන්ගෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ට ලද තොරතුරුවලට අනුව කාර්යාල ප්‍රවාහන සේවා ලෙස මෙලෙස සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ සොයාගැනීමට සමත්ව ඇති අතර ඒවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

 

 

Related posts

ලංගම ප්‍රවේශපත්‍ර වංචා වැළැක්වීමට විශේෂ වැටලීම් ඒකකයක්

Mohamed Dilsad

ප්‍රදේශ දෙකක පුද්ගලයින් 67 දෙනකු නිරෝධායනය සඳහා යොමුකරයි

Mohamed Dilsad

බස් ධාවනය නැවතත් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment