දේශීය

මෙරට ආර්ථීක අර්බුදයට ප්‍රධාන හේතුව IMF හෙළිකරයි

මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික පීඩාවන් හේතුවෙන් විඳිනු ලබන දුෂ්කරතා පිළිබඳව මනා අවබෝධයක් තමන්ට ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 

මෙරට බදු මුදල් ඉහළ දැමීම පිළිබඳව පළවූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ ආදායම් බදු වැඩිකිරීම් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි යන මහත්වරුන් එම පැහැදිලි කිරීම සිදුකර තිබේ.

 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සිදුකළ බදු සංශෝධන අත්‍යවශ්‍ය වූ කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස වී තිබේ.

 

ආර්ථික පීඩනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව මනා අවබෝධයක් ඇති බවත්, කෙසේවෙතත් මෙරට බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවරැදි කිරීමට අවශ්‍යව තිබු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පවසා ඇත.

 

මෙම ආර්ථික අවපාතය හේතුවෙන් සිදුවී ඇති ජීවන වියදම වැඩිවීම, රැකියා සහ ජීවනෝපාය අහිමිවීම සහ ජනගහනයෙන් විශාල කොටසකට සැබෑ ආදායම පහත වැටීම, මෙම දුෂ්කරතාවලට ඔරොත්තුදීමට විකල්පයක් නොමැති දිළිඳු සහ අවදානමට ලක්වූවන්ට දැඩි පීඩාවන් සිදුකර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම වාර්ථාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

වත්මන් ආර්ථික අර්බුදයේ මූලාරම්භ ගණනාවක් ඇති අතර, එහි ප්‍රධානතම හේතුව වන්නේ ආදායම් එකතු කිරීම් හරහා රජයේ වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට නොහැකිවීම බවද පෙන්වාදී තිබේ.

 

මෙය කෙතරම් පහළ මට්ටමක පවතින්නේද යන්න පෙන්වාදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරන්නේ, 2021දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට බදු ආදායම 7.3% ක් වන බවත් ඒ අනුව ලෝකයේ අඩුම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වන බවය.

 

ශ්‍රී ලංකාවට සාපේක්ෂව ආසියාකරයේ චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, පාකිස්තානය, පිලිපීනය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක ආසන්න වශයෙන් ජාතික ආදායමෙන් 13%ත් 14%ත් අතර බදු ප්‍රතිශතයක් පවත්වා ගනිමින් සිටින බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

 

ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ තවත් වාර්තාවක දැක්වෙන්නේ ඉහළ සංවර්ධිත සහ සංවර්ධිත රටවල් ඔවුන්ගේ බදු ප්‍රතිපත්තිය අනුව ජාතික ආදායමෙන් 17%ත් 18%ත් අතර ප්‍රතිශතයකින් ඔවුන්ගේ බදු පැනවීම් පවත්වාගෙන යන බවය.

 

කෙසේවෙතත් අයහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති කරගත් මෙම හිඩැස පිරවීම සඳහා විදේශ ණයහිමියන් මූල්‍ය පහසුකම් සැපයීමට කැමති නොවන බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

 

ආදායම් සහ වියදම් අතර මෙම අසමතුලිතතාවය නිවැරදි කිරීමට බදු ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය බවත් රජයට අත්‍යාවශ්‍ය වියදම් සඳහා අරමුදල් සම්පාදනය කිරීමට හැකිවනු ඇත්තේ සුදුසු බදු ලැබීම් හරහා පමණක් වන අතරම, ඒ හරහා තීරණාත්මක ලෙස වැදගත් වියදම් තවදුරටත් කප්පාදු කිරීමෙන් වැළකී සිටීමටත් අවස්ථාව ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

 

මෙම ප්‍රතිසංස්කරණ හරහා ජාත්‍යන්තර ණයහිමියන්ගේ විශ්වාසයද නැවත ලබාගැනීමට ද හැකි වනු ඇති බවටත් ඔවුන් විශ්වාසය පළ කරයි.

 

කෙසේවෙතත්, බදු ආදායම ඉහළ නැංවීමේ උත්සාහයන් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් අනුගමනය කළ යුතු අතරම, දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කරන ආකාරයෙන් එය සිදුකළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

 

අත්‍යවශ්‍ය රජයේ වියදම් සඳහා මූල්‍ය සම්පාදනයට වඩාත් සරු ආර්ථිකයක් ඇති අය, ප්‍රමාණවත් දායකත්වයක් ලබාදීම ද වැදගත් වන්නා සේම, පුද්ගලික ආදායම් බද්ද සඳහා වන නව බදු අනුපාත කාලසටහනද ඇතුළුව බලධාරීන් විසින් හඳුන්වා දී ඇති බදු පැකේජය මෙම අරමුණු සපුරාලීමට උපකාරී වන බවට ඔවුන් විශ්වාසය පළ කරයි.

 

Related posts

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද

Mohamed Dilsad

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ පෙනී සිටින අලුත්ම නම

Mohamed Dilsad

Leave a Comment