දේශීය

මැතිවරණයට අදාළව මුදල් ලේකම් ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා නීතිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කළේය.

 

ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම ද වළක්වාලමින් අධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

 

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ ජනාධිපතිවරයා වෙනුවෙන් නම්කර තිබූ නීතිපතිවරයා වෙත මෙම අතුරු නියෝග නිකුත් කරනු ලැබීය.

Related posts

මහනුවර – බදුල්ල දුම්රිය 2ක් ධාවනයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයට රජයේ මුදුණාලය සූදානම්

Editor O

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment