දේශීය

උසස් පෙළ ඇගයීම් කටයුතු කොටඋඩ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් විභාග අපේක්ෂකයින්ට දැඩි අසාධාරණයක් සිදුවන බව ලංකා ගුරු සංගමය පවසයි.

 

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ ඇගයීම් කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා යෝජනා කළ ගෙවීම්වලින් රුපියල් දහසක් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවය.

 

උසස් පෙළ විභාගය අවසන් වී සති 02ක කාලයක් ගතවුවද ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහාතා පවසයි.

 

මේ අතර, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වන පරීක්ෂකවරුන් වෙත රුපියල් 2,000ක දෛනික දීමනාවක් ගෙවීම සඳහා අනුමැතිය ලැබී තිබේ.

 

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ පරීක්ෂකවරුන් බඳවා ගැනීම මාර්තු මස 8 වනදා දක්වා සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

 

Related posts

අණ නොතැකූ ත්‍රීරෝද රථයට පොලීසියෙන් වෙඩි

Mohamed Dilsad

”එල් බෝඩ්” මාලිමා මන්ත්‍රී සුනිල් රත්නසිරි ට උමන්දාවේ පූජ්‍ය සිරි සමන්තබද‍්‍ර හිමිගෙන් සැර ප්‍රකාශයක්

Editor O

ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment