දේශීය

දැරියකට අතවර කළ විදුහල්පති අත්අඩංගුවට

බලංගොඩ පින්නවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

 

සැකකරු නිවස ආසන්නයේ පදිංචි 11 හැවිරිදි දැරියකට මෙලෙස ලිංගික අතවර කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර දැරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

 

50 හැවිරිදි සැකකාර විදුහල්පතිවරයා බලංගොඩ ඇල්ලරාව ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන් වෙයි.

 

සැකකරු අද බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බලංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

දිවයිනේ සියලුම පාසල් නොවැම්බර් මස 08 වන දින ඇරඹේ

Mohamed Dilsad

මාර්තු හා අප්‍රේල් මාස සඳහා වෙන් වෙන්ව විදුලි බිල්පත් සැකසීමට ඇමතිගෙන් උපදෙස්

Mohamed Dilsad

20ට එරෙහි පෙත්සම් 39 වෙයි

Mohamed Dilsad

Leave a Comment