දේශීය

ගෑස් මිල ගැන ගත් තීරණය

නිවේදනක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පවතින මිල ගණන් යටතේ මේ මාසය තුළද ගෑස් අලෙවි කිරීමට කටයුතු කරන බවය.

 

ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ගණන් සසඳා බැලීමේ දී මිල සූත්‍රයට අනුව ගෑස් මිල ගණන් වැඩිවිය යුතු වුවද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම හේතුවෙන් ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව කිලෝගෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,743කට සහ කිලෝගෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,904 කට අලෙවි කරනු ඇත.

 

ඊට අමතරව කිලෝගෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 883කට අලෙවි කෙරේ.

 

 

 

Related posts

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

නිරෝධායන මධ්‍යස්ථානවල පවා ඡන්ද විමසීම

Mohamed Dilsad

ටිකට් නැතිව දුම්රියේ ගමන් කිරීමට අවසර

Mohamed Dilsad

Leave a Comment