දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (06) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

 

සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Related posts

බ්‍රිතාන්‍ය අගමැතිට ජනපති රනිල්ගෙන් සුබපැතුම්

Mohamed Dilsad

යෞවන යෞවනියන් අතර, එච්අයිවී අවධානම ඉහළ ට.

Editor O

අධික උෂ්ණත්වයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු වළකා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග

Mohamed Dilsad

Leave a Comment