දේශීය

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

මැදින් පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ.

 

බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂි කරුණු රැසක් සිදුවු මැදින් පුර පසළොස්වක පොහොය දිනය ශාසනික වශයෙන් මෙන්ම ලාංකිකයින් වශයෙන් ද ඉතා වැදගත් වු පොහො දිනයක් ලෙස සැළකේ.

 

බුදුරජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස සිය ඡන්ම භුමිය වු කිඹුල්වත්පුරයට වැඩම කරවීම ආරම්භ කරනු ලැබුවේ, අද වැනි මැදින් පුර පසළොස්වක පොහො දිනකය.

 

බුදුවීමෙන් 10වන මාසයේ ශුද්ධෝධන පියරජුගේ ආරාධනයකට අනුව රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්නුවරට වැඩමකරවීම සිදුව තිබේ.

 

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වැඩම කරවීමෙන් අනතුරුව යමහා මා පෙළහැර පෑම, ශුද්ධෝධන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු මහණ කරවීම සහ මහ ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම වැනි කරුණු සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

 

මේ අතර මැදින් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් එෆ්.එම් දෙරණ අසපුව සජීවි විකාශය 106 වරටත් අද පැවැත් වේ.

 

කුරුණෑගල කොබෙයිගනේ උස්ගල ශ්‍රී ස්වර්ණබිම්බාරාම රජමහා විහාරස්ථානයේ සිට මෙවර අසපුව පෝදා වැඩසටහන අද දිනය පුරා සජීවීව ගෙන ඒමට සියලු කටයුතු සුදානම් කර තිබේ.

 

 

Related posts

පළාත් පාලන ඡන්දයක් එපා – මිහින්තලේ හිමි කියති

Mohamed Dilsad

‘ඉදිරි මාස 6ක කාලය ඉතා දුෂ්කරයි’ – ජනපති කියයි

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකත්වය රනිල්ට – අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් යෝජනාවක්

Editor O

Leave a Comment