දේශීය

විපක්ෂයේ මන්ත්‍රීවරුන් හෙට මැතිවරණ කොමිසමට

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (07) දිනයේ මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට තීරණය කර තිබේ.

 

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගේ අත්සනින් යුක්තව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව අදාළ හමුවීම පිළිබඳ දැනුම් දී ඇති බව වාර්තා වේ.

 

මාර්තු මස 3 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, මහාචාර්යය ජී.එල් පිරිස්, මනෝගනේෂන්, රිෂාද් බදියුදීන්, රංජීත් මද්දුමබණ්ඩාර, රවුෆ් හකීම්, ශානක්‍යයන් රාසමානික්කම්, එම්.ඒ සුමන්තිරන් සහ දායාසිරි ජයසේකර අදාළ ලිපිය සඳහා අත්සන් කර තිබේ.

 

මාර්තු මස 20 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස එම මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

 

ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට පෙරවරු 9ට මැතිවරණ මහා ලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවද අදාළ ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

 

මේ අතර පළාත්පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා හෙට දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

 

මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම පිළිබඳව මෙහිදි අදාළ නිළධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ද හෙට දිනයේ රැස්වී සාකච්ඡා කිරීමට නියමිතය.

 

මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කඩිනමින් පියවර ගත යුතු බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා පවසයි.

Related posts

ශ්‍රී ලංකාව තුළ ඇස්ට්‍රා-සෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම ලබන 19 දා සිට

Mohamed Dilsad

ශ්‍රීලංකන් මොස්කව් යෑම නවතයි

Mohamed Dilsad

බස්නාහිර හුදෙකලා නොමැති ප්‍රදේශවල 11 වන ශ්‍රේණිය ලබන 25 ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment